Friday 19th of June 2026

English Tamil
Advertiesment


ඇමෙරිකාව ජය ගත් අපේ මිනිස්සු.


2025-08-21 14914

 

ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ඇමෙරිකාව කොයිබට ද..?

 

එරට ඉහළටම යයි ද. තිබුණු තැනිනුත් පහළට ද..?

 

තානාපති මහින්දගේ කැපවීම විශිෂ්ටයි...!

 

ඇමෙරිකාවට වාසි වෙන කැප කිරීම් ශ්‍රී ලංකාවටත් කරන්න වෙිවි...!

 

 
(අශෝක ජයතුංග)

 

වසර 52 ක් ඇමෙරිකාවේ පදිංචි නීතීඥ සේන බස්නායක මහතා සංක්‍රමණ නීති විශේෂඥයෙකි. එරට ශ්‍රේෂ්ඨාධිකරණයට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ද වේ. ඇමෙරිකාවේ වත්මන් පසුබිම ලෝකයට සහ ශ්‍රී ලංකාවට බලපාන අයුරු ගැන ඔහු ගේ මතවාදයි මේ.

ඔබේ පෞද්ගලික විස්තර මොනවාද...?

මගේ ගම නුවර. කටුගස්තොට ශා අන්තෝනි පාසලින් පස්සෙ පේරාදෙනියෙ LLB කලා. පසුව කොළඔ නීති විද්‍යාලයෙන් පළමු පංති සාමාර්ථ ලැබුවා. මහාචාර්ය ජී. එල්. මගේ සමකාලීනයෙක්. ජෝර්ජ් වොෂින්ටන් සරසවියෙන් මට LLM වලට ශිෂ්‍යත්වයක් ලැබිල නීතිඥයෙක් වුණා.

දියවඩන නිළමේ උඩුරාවණ  දියණිය නෙළුම් සමග මම විවාහ වුණා. ඇය ලංකාවෙ BA හා ඇමෙරිකාවෙදි MA කරල එරට ස්ටේට් ඩිපාට්මන්ට් අයට සිංහල උගන්නන හා ලෝක බැංකුවේ තනතුරු දැරුවා. සුදුසුකම් මත දෙන ග්‍රීන්කාඩ් ලැබුණ නිසා අපි එහේ නැවතුනා. දුව ශාලිකා විශේෂඥ වෛද්‍යවරියක්. ඇමෙරිකාවෙ රෝහල් 04 ක අධ්‍යක්ෂවරියක් හා ප්‍රමුඛ කෝවිඩ් පර්යේෂිකාවක්. ඇයගේ සැමියා වෛද්‍ය මාලින්ද කටුගහ. පුතා විනෝද නීතීඥයෙක්. කටාර් රට ඇමෙරිකාවේ පවත්වාගෙන යන නීති සමාගමේ තනතුරු දරලා දැන් උසාවි යනවා. මම සංක්‍රමණ වගේම දික්කසාද හා දේපොළ නඩුත් කරනවා.

ප්‍රශ්නය -: එදා හා අද ඇමෙරිකාව හා ලාංකිකයන්ට එරට තුළ තිබෙන අවස්ථා මොනවාද..?

ඇමෙරිකාවට කියන්නෙ Country of immigrants  කියලයි. ඔවුන් ලෝකයට ආදරය කරන සානුකම්පිත අයයි. ලංකාව හා ලෝකයටම උදව් කරනවා. පලමු පංතියේ මුලික උපාධියක් තියෙන අයට 100% ක ශිෂ්‍යත්ව දෙනවා. ග්‍රීන් කාඩ් ලොතරැයියෙන් වසරකට ලාංකික 300 – 600 අතර හා ලොව 55,000 කට ඉඩ දෙනවා. ලංකාවට පෝර ඖෂධ හා තාක්ෂණය ලබා දෙනවා. ලාංකිකයන් දක්ෂ බව ඇමෙරිකාවේ පිළිගැනීමයි.

ප්‍රශ්නය:- එම සානුකම්පිත බව ඩිමොක්‍රටික් පක්ෂයට වඩා රිපබ්ලිකන්ලා තුළ අඩු නැද්ද..?

රිපබ්ලිකන්ලාත් සානුකම්පිතයි. ඒත් ඩිමොක්‍රටික්ලාට වඩා ටිකක් දැඩියි. ට්‍රම්ප් යුගය ආවෙ අනවසර අය යවනව කියලයි.එවැනි මිලියන 45 ක් ඉන්නවා. ඉන් 22 ක් කුසලතා මත පුරවැසිකම ගත් අයයි.ඉලොන් මස්ක් පවා අයිති ඒ ගොඩටයි. මිලියන 23 ක් ග්‍රැන්ඩෝ ගග හරහා සැතපුම් 2000 ක් තරණය කරල මෙක්සිකෝ පැත්තෙන් ඇමෙරිකාවට හොරට පැමිණි අයයි. ප්‍රශ්නය ඔවුනුයි. එයාල දරුවන් බිහිකලාම ඇමෙරිකන් නීතිය අනුව දරුවන් පුරවැසියන් වෙනවා.විශාල පහසුකම් උරුමයි. දෙමව්පියන් අනවසර නම්  දරුවන්ට Birth right citizenship ට්‍රම්ප් නවත්තන්න හදන්නෙ ඒකයි.

ප්‍රශ්නය:- කොංග්‍රස් මණ්ඩලය හා ප්‍රාන්ත ආණ්ඩු 50 න් 75% ක අනුමැතිය ලබාගෙන මිස ට්‍රම්ප්ට එය කරන්න බැහැ නේද..?

ජනපතිට එම බලය තියෙන බව ශ්‍රේෂ්‍ඨාධිකරණය කිව්වා. එයට අභියෝග කරන පෙත්සම් ඇවිත් දැන් තියෙන්නෙ.

ප්‍රශ්නය  - අනවසර අය  එළවන පසුබිම  යකා කියන තරම් කලු නෑ වගේ ද..?

ට්‍රම්ප්ට හිතවත් ටොම් හෝර්ක් දාල  Deportation Task Force හදල ඒකට ලොකු මුදලකුත් වෙන්කරල අනවසර අය එළවන්න කියලයි ට්‍රම්ප් කියන්නෙ.

ප්‍රශ්නය  - පිටමං කරන අයට ඔවුන්ගේ රටවලින් දැඩි දඩුවම් දෙන පසුබිම මේ ක්‍රියාවලියට මානව හිමිකම් පැත්තෙන් බලපෑමක් කරනවා නේද..?

ඔව්. මරණ දඩුවම හා ජීවිතාන්තය තෙක් හිරකරන අනතුරකුත් තියෙනවා.එනිසා තෙවන රටකට යවන පසුබිමක් තියෙන්නෙ. එල්සැල්වදෝර් හා සුඩානය ඔවුන් බාරගන්න කැමැත්ත ප්‍රකාශ කරල තියෙනවා.

ප්‍රශ්නය -:ඒ තුළ ලාංකිකයන් ගේ ඉරණම ලොකු අනතුරක නැද්ද..?

නැහැ. ලාංකිකයන් හා ආසියානුවන් වීසා අරන් ප්ලේන් එකෙන් ඇමෙරිකාවට ගිය අයයි. ඔවුන් හැකියාව ඇති සාමකාමී අය බවටත් පිළිගන්නවා. වසර 2000 IT Revolution කාලෙ ඉන්දියා චීන හුගකට ඇමෙරිකාවෙ ඉඩ දුන්නා. ඒත් කෙටි වීසා කාලෙකට ඇවිත් පැනපු ලියකියවිලි හදා නොගත් හා සාධාරණයක් ඉල්ලපු නැති අපේ අයට අනතුරක් නැත්තෙ නෑ. ඇමෙරිකාවෙ අදුනන කෙනෙක් ඉන්නව නම් රැකියා හොයා ගන්න පුළුවන්. ආදායමේ හැටියට ජීවන බර අඩුයි. නිවාස හා කාමර තමයි මිල.

ප්‍රශ්නය - ඇමෙරිකාව හැම අතින්ම ලොව බලවත් බව කියන ගමන් රට යළි නගාසිටුවන බව කියමින් ට්‍රම්ප් ලෝකයටම බදු ගැසීමේ සැබෑ පසුබිම කුමක්ද..?

ඓතිහාසික කරුණු එක්කයි මේක කතා කලයුත්තේ.ට්‍රම්ප් ආවෙ ඇමෙරිකානුවන් නගාසිටුවනවා කියලයි. ඔබාමා වැනි කලු අයෙක් ජනපතිවීම ගැන ඇමෙරිකානුවන් එළිපිට කතා නොකලත් 90% ක් වන සුදු අයගෙ යටි හිතේ ගැටලු තියෙනවා. ට්‍රම්ප් ඒක පාවිච්චි කලා. ඇමෙරිකාවෙ ඉපදුනේ නැති කෙනෙකුට එරට ජනපති වෙන්න බෑ. ඔබාමා එහේ ඉපදුන කෙනෙක් නොවන බව ට්‍රම්ප්වාදීන් කිව්වත් එය අසත්‍යක්.

ඔබාමාගෙ පියා ඉගෙනගන්න ආපු කෙන්යානුවෙක්. මව ඇමෙරිකානු සුදු කතක්. තමා ඇමෙරිකාවෙ උපන් බව ඔබාමා ඔප්පු කලා.ට්‍රම්ප් දක්ෂ බිස්නස් උපක්‍රම දන්න කෙනෙක්. ඔබාමා ජනපතිවීම රටට අහිතකර බව ඔහු වක්‍රව සමාජගත කලා. ට්‍රම්ප් 2016 දිනුවෙ ඒ සටන් පාඨය තුළයි. ඒත් එම ජනතාව මේක එළිපිට කතා කරන්නෙ නෑ. කලු අය රටේ ආර්ථිකයට කලාව ක්‍රීඩාවට කල මෙහෙය ඔවුන් දන්නවා.

ප්‍රශ්නය-ඇමෙරිකානුවන් වෙනුවෙන්ම පෙනීසිටි ට්‍රම්ප් 2020 පැරදුනේ ඇයි..?

ඔහු කී බොහෝ දේ කරන්න බැරිවුණා. ආර්ථිකය ඉහළ නොයාම කෝවිඩ් පාලනය කරගන්න බැරිව විශාල පිරිසක් මියයාම හා අතිධාවනකාරී බව ජනතාවට ඇල්ලුවේ නෑ වෙන්නත් පුළුවන්.

ප්‍රශ්නය - ගියවර මෙන්ම මෙවරත් ට්‍රම්ප්ගේ ඇතැම් තුරුම්බු පරදින ලකුණු තිබේද..?.

දේශපාලකයන් ඡන්ද වලදි කියන සුරංගනා කතා ඒ විදියටම කරන්න බෑ. ට්‍රම්ප් හා බයිඩන් අතර 2024 විවාදයෙදි කල්පනාව නැතිකම අමතකවීම අහන දේට වඩා වෙන දේවල් කීම නිසා බයිඩන් වැටිලා ට්‍රම්ප් උඩට ආවා. පසුව කමලා හැරිස් ආවෙ ඒකයි. ඒත් අද තියෙන පසුබිම තුළ සුදු නොවන කෙනෙකුට හා කාන්තාවකට ඇමෙරිකානු ජනපති වෙන්න අමාරුයි. කමලා වැටුණෙ ඒකයි. ඇගේ මව ඉන්දියානු, පියා ජැමෙයිකන්. ඊලග පාරත් එන්න ඇයගෙ හිතේ ඇති. ඒත් ඩිමොක්‍රටික් එකෙන් අලුත් දක්ෂ අය ඉදිරියට එන ලකුණු තියෙනවා.

ප්‍රශ්නය  - නව බදු ලංකාව, ආසියාව හා ලෝකය මෙන්ම ඇමෙරිකාවට බලපාන හැටි හා තානාපති මහින්ද එහිදී ඉටුකළ කාර්ය ප්‍රමාණවත්ද..?

තානාපති මහින්ද බදු ප්‍රශ්නයේදී හා ලංකාව 2022 දි වැටුණ වෙලාවෙත් කැපවීමෙන් වැඩ කලා. මම තානාපතිල 15 ක් එක්ක වැඩ කලා. මහින්ද තානාපතිගෙ සුහද බව හා මිනිසුන්ගෙන් වැඩ ගැනීම විශිෂ්ටයි. ඔහු ගෝටාභය පත්කලා. රනිල් හා අනුර රැක්කා. ආණ්ඩු 03 ක් යටතේ හිටපු එකම තානාපති  ඔහුයි. ඒ හැකියාව හා අත්දැකීම් රට වෙනුවෙන් යොදවන නිසයි. IMF එකත් ඔහුට වක්‍රව කැමති බව පේනවා.

ප්‍රශ්නය - නව බදු වලින් ලෝකය මෙන්ම ඇමෙරිකානු ආර්ථිකයත් දෙදරන බවට පවතින විග්‍රහ ගැන මොකද කියන්නෙ..?

එවැනි හා ඊට පරස්පර අනාවැකිත් තියෙනවා. බයිඩන් සමයේ ආර්ථිකය වැටුණ බව ට්‍රම්ප්වාදීන්ගෙ මතයයි. ඒ කාලෙ සංක්‍රමණිකයන් ලක්ෂ 20 ක් ආවා කියලත් කිව්වා. ඒක වැරදියි. ලක්ෂ 20 ආවෙ අවසන් වසර 10 තුළයි.
ආදායම් බදු ගෙවල, අපරාධ වලට සම්බන්ධ නැතිනම් වසර 20 කින් ඇම්නෙස්ටි කියල සමාවක් සංක්‍රමණිකයන්ට ලැබෙනවා. 86 දි රේගන් අන්තිමට ඒක කළේ. ට්‍රම්ප් ඒකෙ අනිත් පැත්ත කරන කෙනෙක්.

ප්‍රශ්නය - ඉන්දුනීසියාව ඇමෙරිකාවෙන් ඩො බිලි කීපයක ප්ලේන් ගැනීම හා ජපානය ඩො බිලි 05 ක ආයෝජන ඇමෙරිකාවට ලබාදීම තුළ බදු ඉතා අවම කරගත්තා. ලංකාවට බදු 20% අවම කරගරනීම ගැන මොකද කියන්නෙ..?

එය ලංකාව ලැබූ ලොකු ජයක්. ඇමෙරිකාවටත් වාසි නැත්නම් බදු සහන නෑ වගේ එකක් පේන්නෙ.එනිසා මේ වැඩේ තාම ඉවර නෑ.ට්‍රම්ප් හැමදේම බිස්නස් මනසින් බලන්නේ. ඒක ඇමෙරිකාවේ නමට හා ආර්ථිකයට අවාසි  බවටත් මත තියෙනවා. ඇමෙරිකාවට වාසි වෙන විදියට ලංකාවටත් කැපවීම් කරන්න වේවි.

USAid වගේ Soft power වලින් ලංකාව හා ලෝකයට කල උපකාර නැවතුනා. අපටත් ප්‍රයෝජන නම් විතරයි වෙන අයට උදව් කරන්නෙ කියලයි ට්‍රම්ප් අගවන්නෙ. Peace through strength කියල කියන්නෙ.

ප්‍රශ්නය  -  ඇමෙරිකාව ලෝක යුද වලට ඇඟිලි ගැසීම හා ලෝක ආර්ථික යුද්දයකුත් ඇති කරන බවට තිබෙන මතය ගැන එම ජනතාව මොකද කියන්නෙ..?

ඔිනම රටක දේශපාලකයා හා ජනතාව එකම විදියට නෙවෙයි හිතන්නෙ.ඇමෙරිකාවෙත් එහෙමයි. එම ජනතාව හිත උණුවන අයයි.ඒත් රිපබ්ලිකන්ලා ලෝක බලයක් ගැන හිතනවා.හැමදේම ඩීල් එකක් ලෙස හිතනවට මිනිස්සු එකග නෑ.

ප්‍රශ්නය - කටාර් වලින් අති විශේෂ ප්ලේන් එකක් ට්‍රම්ප් ට තෑගි කිරීමට යාම අර්බුදයක් වේවිද..?

Palace in the sky වගේ  නවීන සැප යානයක්  දෙන්න යන්නේ. ඒක පගාවක් බවට දේශපාලකයො හා මාධ්‍ය පහර දෙනවා.එය ජනපතිට දෙනව නම් ගැටලු අඩුයි. ඒත් ට්‍රම්ප් පදනමටයි ඉල්ලන්නේ. එවිට කටාරයට වාසි වෙන බවට මත තියෙනවා.

ප්‍රශ්නය - ට්‍රම්ප් පාලනය තුළ ඇමෙරිකාව ඉහළටම යාවිය නැතහොත් තිබුණටත් වඩා පහළට වැටේවිය යන මත ගැන මොකද කියන්නෙ..?

ඒ ගැන අනාවැකි කීම අසීරුයි. ජනතා මතයයි වැදගත්. කොංග්‍රස් හා සෙනෙට් මණ්ඩල වල දැන් රිපබ්ලිකන්ලා වැඩියි. වසර 02 ට වරක් එන කොංග්‍රස් 435 ක් හා සෙනෙට් 100 න් තුනෙන් එකක් පත් කරන ඡන්ද තව ටික කාලෙකින් එනවා. ට්‍රම්ප් හුග දෙනෙක් තරහ කරගන්න නිසා මේක අනිත් පැත්තට කරකැවේද යන සැකය තියෙනවා. රාජ්‍ය සේවයෙන් ඉවත් කරනවා. හාවඩ් හා ප්‍රධාන සරසවි වල මුදල් කැපීම රජයේ විවිධ සේවාවන් කප්පාදුව ට්‍රම්ප් හිතන විදියට නොහිතන අය ඉවත් කරන බවටත් මත තියෙනවා.

ප්‍රශ්නය  - 2028 දී ට්‍රම්ප් හා රිපබ්ලිකන්ලාට අභියෝග ඒන පසුබිමක් නිර්මාණය වෙමින් පවතිනවාද..?

එහෙම අදහසුත් තියෙනවා. නිව්යෝර්ක් නගරාධිපතිකම ගනිමු.එතන හිටපු කෙනා ඩිමොක්‍රටික් එකේ චෝදනා ආපු කලු කෙනෙක්. ට්‍රම්ප් ඔහු රිපබ්ලිකන් එකට බාගත්තා. මෙවර ඔහු පසුබාලා ඩිමොක්‍රටික් එකේ වයස 32 ක සංක්‍රමණිකයෙක් උඩට එන ලකුණු මුලික ඡන්ද ප්‍රතිළුල වලින් පෙන්නුවා. උගන්ඩා පියෙකු හා මීරා නායර් සිනමාවේදිනියගෙ පුතායි.ඔහු නගරාධිපති වුණොත් 2028 ජනපතිවරණෙදි ඇමෙරිකාව යන දිසාව ගැන ප්‍රබල ඉගියක් ලැබේවි.

 

 

Advertiesment